එක්වීමට පෙර මධු සමයේ සිහින බොඳ කරමින්.. එක වරම සිදූ වූ දේ නිසා මනාලිය සිදු කළ දේ.. අවසානයේ පොලීසියෙන් නැවතුණු මධු සමය..
මහනුවර දෙල්තොට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් අවසානයේ එම ප්‍රදේශයේම හෝටලයකට අලුත බැඳපු ජෝඩුව මධුසමය ගත කරන්නට ගොස් තිබුණා.
මීට වසර එකහමාරකට පෙර ඔවුන් ආදරයෙන් බැඳී දෙපාර්ශ්වයේ කැමැත්ත ඇතිව විවාහ ගිවිස ගෙන තිබුණු අතර ඉතා චාම් විනීත ගති පැවතුම් ඇති මනාලයා තම බිරිඳ මලක් මෙන් රැක බලා ගත්තා.
විසිතුන් හැවිරිදි තම ආදරණීය බිරිඳ කැඳවා ගෙන එන්නට ඔහු අලුතින්ම නිවසක්ද ඉදිකර තිබුණා.
කාලය කෙමෙන් ගෙවී යද්දී මනාලියගේ මෙන්ම මනාල පාර්ශ්වයද මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ජයටම සූදානම් කලදෙපැත්තේ පෙරැත්ත මැද්දේ දෙපාර්ශ්වයේම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මඟුල ජයටම පැවැත්වුණා.
එදින කා බී විනෝද වූ නෑදැ හිතවතුන් උත්සව ශාලාවෙන් පිටව යද්දී සම්ප්‍රදායට ගරු කරමින් මේ මනාලිය හා මනාලය ද මධුසමය ගත කරන්නට ගියේ දෙල්තොට ප්‍රදේශයේ හෝටලයකටයි.
අනතුරුව සිදුව තිබුනේ කිසිවෙකුත් නොසිතූ දෙයක්.
සිහින පොදි බැඳන් යුගදිවිය අරඹන්නට වරම් ලැබූ මේ යුවළගේ සිහින ලොව විනාශ වන්නට ගතවූයේ හෝරා කීපයක් පමමයි.
මංගල උත්සවය නිම වී හෝටලයට ගිය යුවළ කිසිදාක විවාහයෙන් දික්කසාද වන්නට සිතුවේ නැහැ.
මධුසමයට ගිය මේ යුවළ එදා මධුසමය ගත කළේ නෑ. හේතුව කිසිවෙකුටත් සිතා ගැනීමටවත් නොහැකියි.
රාත්‍රී 10.30 වන තුරු නිදි ඇඳේ එහා මෙහා පෙරළෙමින් සිටි මනාලියට නින්ද ගියේ දවසේ වෙහෙස කර බව නිසාමයි.
"මට ගෙදර වගේ නෙමෙයි මෙතැන නින්ද යන්නෙ නැතිවෙයි. ඔයා නිදා ගන්න" යෑයි සැබෑ ආදරවන්තයකු සේ වදන් දෙඩූ තම ස්වාමියා මධුසමය ගත කිරීම පසෙක දමා අතුරුදන්ව ඇති බව තේරුම් ගියේ ඇය මහ රෑ අවදිව බලද්දියි.
හදිසියේම ඇය අවදි වී තම ස්වාමියා කොහේදැයි හෝටලයේ තම කාමරය තුළත් නාන කාමර තුළත් සොයා බැලුවා එහෙත් ඔහු එහි නොවීය.
ඇය කලබලයටත් බියටත් පත්ව තම දෙමාපියන්ට දුරකථන ඇමතුම් දී තම ස්වාමියා අතුරුදන් බව දැන්වූවා.
දෙමාපියෝ ද කලබලයට පත්ව තම පුතා, බෑණා සොයන්නට වුණා.
අවසානයේ ඔවුන්ට පොලිසියේ සහයද ඉල්ලා සිටින්නට සිදුවුණු බවයි වාර්තා වන්නෙ.
කෙසේ වෙතත්, අවසානයේ ඔහු දෙල්තොට මහ මඟ ඇවිද යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ඔහු පොලිසියට කැඳවාගෙන ආවා.
මේ සිදුවීමෙන් පසු මනාලිය හා මනාලයාගේ පවුලේ අය අතර විවිධ මත භේද ගොඩනැගුණා.
පුතා මානසික රෝගියකු බවත් එසේ තිබියදී එය වසන් කර තම දුව විවාහ කරගෙන ඇත්තේ වංචනිකව බවත් මනාලියගේ පාර්ශ්වයෙන් චෝදනා නැගනා.
මධුසමයට සූදානම්ව සිටි ඔහු මහ රෑ හෝටලයෙන් පැන ගත්තේ ඇයි? එසේ කිරීමට බලපෑ හේතු කවරේද? ඔහු මානසික ආබාධයකින් හෝ කිසියම් කම්පනයකින් පෙළෙන්නේද? ප්‍රශ්න කෝටියයි.
දැනට පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව ඔහු කිසියම් ශාරීරික දුබලතාවක් හේතුවෙන් ඇති වූ කම්පනය නිසා මධුසමයදා, රාත්‍රියේ හෝටලයෙන් පැනගොස් ඇති බව තහවුරු කරගෙන ඇත.
කෙසේ වුව ද මෙම සියලු කාරණා නිත්‍ය වශයෙන් තහවුරු කරගත හැක්කේ ඔහු වෛද්‍යවරයකු හමුවට පැමිණවීමෙන් පසුවයි.
Sponsored By Sarrita Jewellery