සඳුදා (20) සිට සති දෙකක නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව
Sri Lanka Economic Crisis
Government Employee
Sri Lanka
Sri Lanka Government
By Sewvandhi
ශ්‍රී ලංකා රජය සඳුදා (20) සිට රාජ්‍ය අංශය සඳහා සති දෙකක නිවසේ සිට වැඩ කිරීමේ (WFH) වැඩසටහනක් හඳුන්වා දීමට සැලසුම් කරයි.
මෙම වැඩසටහන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
රට පුරා ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් සති දෙකක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
පාසල්වල කටයුතු සම්බන්ධයෙන් ද වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |