වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්..
පවතින අධික වැසි තත්ත්වය හමුවේ, පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) වසා තැබෙයි.
එලෙස වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳව තීරණය කරනු ලබයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියව දැනුවත්
කර තිබෙනවා.
මේ අතර, මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බවට වාර්තා වේ.
අධික වර්ෂාවත් සමඟ මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල පවුල් මෙලෙස පිඩාවට පත්ව තිබෙනවා.
මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වේ.
එහි ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගලෙන් 18497 ක පිරිසක් බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
කෙසේ වෙතත්, මහ වැසිත් සමග ගලා ආ ජලය ඇතැම් නිවාවල අඩි දෙකකට ආසන්න තිබු බවත් ආපදා සහන සේවා නිළධාරීන් සඳහන් කළේ ය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%