අධිවේගයේ මගී බස්රථයක් කන්ටේනරයක ගැටී බිහිසුණු අනතුරක්..15 ක තුවාල..04කට බරපතලයි(PHOTOS).
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර උතුර පැල්පොල ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ කන්ටේනරයක් ඊයේ (26) රාත්‍රියේ දී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 15 කු පමණ තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.
අනතුර වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 38 දෙනෙකු ගමන් කර ඇති අතර එයින් අඩකට ආසන්න ප්‍රමාණයකට තුවාල සිදුවී ඇත.
ගාල්ල ප්‍රදේශයේ සිට ටයර් තොගයක් පටවාගෙන මීගමුව කිඹුලාපිටිය ට රැගෙන යමින් තිබූ කන්ටේනර් රථය කොළඹ දෙසට ධාවනය වීමේ දී මාතර සිට මාකුඹුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස්රථය පිටුපසින් පැමිණ කන්ටේනර් රථය හා ගැටී මෙම අනතුර වී තිබූ බවයි පොලිසිය පැවසුවේ.
අධිවේගී පාලන මධ්‍යස්ථානයට ලද දුරකථන ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ දක්ෂිණ අධිවේගී රථ වාහන රථවාහන ගැලනිගම පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් සිව් දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමටත් තවත් කණ්ඩායමක් සෙසු අයට එම ස්ථානයේ දී ම මූලික ප්‍රතිකාර ලබා දීමටත් පියවර ගෙන ඇත.
අනතුර සිදු වූ අවස්ථාවේ දී බස් රථයේ පැමිණි මගී කාන්තාවක් කුපිත වී කන්ටේනර් රථ රියදුරාට පහර දීමත් සමගම සෙසු මගින් ද පහර දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා ගේ අතකට බරපතළ තුවාල සිදුවී තිබූ අතර සෙසු මගීන් බහුතරයක් දෙනාගේ මුහුණ, කට හා නහය ආදී ප්‍රදේශවල ට තුවාල සිදුවී තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
සුඛෝපභෝගී මගී බස් රථය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී මාතරින් ධාවනය වී ඇති බවට ද බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරට පත් බස් රථයේ පැමිණි සෙසු මඟින් වෙනත් බස් රථයක් ගෙන්වා පිටත් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.
බස්රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |








