දකුණු අධිවේගයේ වාහන 26ක් අනතුරට ලක්වෙයි..
Sri Lanka
Southern Province
Accident
By Aruna
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම අසල සිදුව ඇති වාහන අනතුරු කිහිපයකින් වාහන 26 කට පමණ අලාභ හානි සිදු වී තිබෙනවා.
මෙම අනතුර සිදුවී ඇත්තේ කිලෝමීටර් 32 හා 35 අතර ස්ථානවල දී ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන පෙළකයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති අතර අධිවේගී මාර්ගයේ දේපළවලටද හානි සිදුවී නැති බවයි වාර්තා වන්නේ. වාහනවලට සුළු මට්ටමේ අලාභ හානි සිදුවී තිබේ.
පොලිස්සිය සඳහන් කරන්නේ, අධිවේගී මාර්ගයෙන් නිසි පරතරයක් නොතබා වාහන ධාවනය කිරීම මත මෙම අනතුර සිදු ඇතිවීමට හේතුව බවයි.
මෙතරම් වාහන ප‍්‍රමාණයක් එක වර ගැටුනු මුල්ම අවස්ථව මෙය ලෙස සැලකෙයි. අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීම නිසා ගම් බිම් බලා ගිය වාහන ඊයේ දින විශාල සංඛ්‍යාවක් අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වෙමින් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගය ඉතා කාර්යබහුල වී තිබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |