අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම්..!

Climate Change Weather
By Sewvandhi Apr 16, 2023 09:48 AM GMT
Report

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ගවයින්ගේ සෞඛ්‍ය තත්ත්වයන්ට බලපෑම් එල්ල විය හැකි බවයි.

 දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ගවයින් හොඳින් වාතාශ්‍රය ලැබෙන ආවරණය සහිත ස්ථානයක හැකි සෑම විටම රඳවා තබන ලෙසටයි.

එලෙසින්ම නිදැල්ලේ ඇති කරන ගවයින් ජල මුලාශ්‍රයක් සහිත ප්‍රදේශයක රඳවන ලෙස ද ඔවුන් වැඩිදුරටත් දැනුම්දෙනවා. 

 මේ අතර ගවයින්ට පැය 24 පුරාම පානය කිරීම සඳහා ජලය සැපයිය යුතු බව ද සඳහන් කර ඇති සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හැකි සෑම විටම විශේෂයෙන් අධික උෂ්ණත්වයක් පවතින අවස්ථාවල ගවයින් ජලයෙන් තෙමීම මෙන්ම ඒ සඳහා හෝස් බටයකින් සතුන් තෙමීම ප්‍රමාණවත් බව ද සඳහන් කරයි.

පවතින උෂ්ණත්වයේ බලපෑම හේතුවෙන් කිරි නිෂ්පාදනයේ අඩුවීමක් දකින්නට හැකි බැවින් හා ගවයින් ලෙඩවීමක් හෝ අසීරු තත්ත්වයක් යටතේ සතුන් මරණයට පත්වීමට හැකියාව පවතින බැවින් සතුන් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කරන ලෙස ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

උතුර, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වල කිරි ගොවීන් මේ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුකරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now