ඇල්ල ප්‍රදේශයේ දැඩි අවදානම් තත්වයක්. - පවුල් 10ක් ඉවත් කෙරේ.
Landslide In Sri Lanka
By Wayomi
ඇල්ල කිනලන් වත්තේ වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් දහයක පුද්ගලයින් විසි අට දෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වාහම ඉවත් කර තිබෙනවා.
ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා කියා සිටියේ, මෙම නිවාස පේළිය අසලින් නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඉවත් කළ පවුල්වල සාමාජිකයින් ඇල්ල කිනලන් වත්තේ දෙමළ විදුහලේ තාවකාලිකව කඳවුරක රඳවා ඇති බවද ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.