HIV ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

HIV Symptoms
By Wayomi Mar 20, 2024 06:30 AM GMT
Report

 ආසාදිත සෛල වලින් එච් අයි වී ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන තාක්ෂණය යොදාගනිමින්.

එම තාක්ෂණය මගින් ආසාදිත සෛල වල DNA ඉතා කුඩා කොටස්වලට විච්ජේදනය කර ඉවත් කිරීම හෝ අක්‍රිය කිරීම සිදු කරන අතර එමඟින් යමෙකුගේ සිරුරේ ඇති වෛරස සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි බව විද්‍යාඥයින් පවසා ඇත්තේ.

නමුත් එහි ආරක්ෂාකාරී බව සහ ඵලදායී බව සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතු බව ඔවුන්ගේ අදහස වන්නේ.

දැනට භාවිතයේ ඇති HIV ඖෂධ මගින් වෛරසය පැතිරීම නැවැත්විය හැකි වුවත් එය සිරුරෙන් ඉවත් කිරීමට නොහැකියි.