ඇත්තටම මිල අඩුවෙයි ද? අද සිට අඩු වන බව කියූ කිරිපිටි මිල ගැන ගත් අලුත්ම තීරණය මෙන්න.

Milk Powder Price in Sri Lanka Milk
By Wayomi Apr 25, 2024 05:36 AM GMT
Report

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කරනවා.

ඒ, අනුව කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ.

පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්‍රෑම් එක රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගත් අතර මේ වන විට වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ කිරිපිටි අලෙවි වන අතර තවදුරටත් කිරිපිටි මිල අඩු කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.

නමුත් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන ආයතනයක් විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් කිරිපිටි මිල අඩු කරන බවට ඊයේ (24) ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 250ත් 350ත් අතර මිලකින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100ත් 140ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බව වූ අතර අදාළ ප්‍රකාශයට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. 

.............................................................................

May you Like