මුව ආවරණය ඉවත් කිරීම සහ සංචරණ සීමා ගැන අලුත්ම දැනුම්දීම...(VIDEO)
Sri Lanka
Healthy
Mask
Hemantha herath
By Aruna
මුව ආවරණ මුළුමනින් ම ඉවත් කළ හැකි බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත එවැනි කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි ඔහු අවධාරණය කළේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන නිර්ණායක සහ විද්‍යාත්මක හේතු පදනම් කොටගෙන මිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පමණක් එවැනි බරපතළ තීරණයක් ගත නො හැකි බව විශේෂඥ වෛද්‍යවරයා විශේෂ කොට ප්‍රකාශ කරනවා.
එසේම මේ වන තුරුත් එසේ මුව ආවරණ පූර්ණ වශයෙන් ඉවත් කළ ලොව කිසිදු රටක් නොමැති බවයි වෛද්‍යවරයා පවසන්නේ.
සියලුම ජනයා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් අනතුරු ව හා සංචාරණ සීමාවන් ලිහිල් කළ පසු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පරිදි මෙම මුව ආවරණය ඉවත් කිරීමට හැකි බව ඔහු අවසාන වශයෙන් සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |