රට වැහුවොත් වහන විදිය ගැන හේමන්ත හේරත් ගෙන් දැනුම් දීමත්.
මෙරටින් කොවිඩ් 19 වසංගතයේ මතුවෙමින් පවතින නව වෛරස ප්‍රභේද හඳුනා ගැනීමට දායක වන ජාන විශ්ලේෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් පළ කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ, මෙරටින් හමු වූ නව වෛරස ආසාදිතයින් සමග අදාළ ප්‍රභේද හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් එදා සිටම අද දක්වා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය වනාහි ජාන විශ්ලේෂණය බවයි.
එම ක්‍රියාවලියේ දී කොවිඩ් 19 වෛරසය, ඇල්ෆා ප්‍රභේදය, ඩෙල්ටා සහ ඔමික්‍රොන් ආදී නව වෛරස ප්‍රභේදයන් මෙරටින් හඳුනා ගැනීමට හැකි වූ බවයි හෙතෙම කියා සිටියේ.
ඉදිරියේ දී රෝගීන් හඳුනා ගැනීම සහ නව වෛරස ප්‍රභේදයන් හඳුනා ගැනීම සඳහා මෙම විද්‍යාත්මක ක්‍රමවේදය නො නවත්වා භාවිත කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඔමික්‍රොන් වෛරසය ආසාදිතව මෙරටින් හමු වූ ආසාදිතයින් සිව්දෙනා සම්බන්ධයෙන් ද අදහස් පළ කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ, එම ආසාදිතයින්ට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් කවුරු දැයි මේ වනවිටත් අදාළ සෞඛ්‍ය පාර්ශ්ව විසින් පරීක්ෂණ සිදු කරගෙන යන බවයි.
එමෙන්ම මෙම දීර්ඝ වූත්, බැරෑර්ම් වූත් ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට එය තනිව සිදු කිරීමට අපහසු කාර් යයක් වන අතර, ඒ සඳහා සෙසු පාර්ශ්වයින් වන විශ්වවිද්‍යාල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල පූර්ණ දායකත්වය ද මෙරටට අවශ්‍ය බව හෙතෙම පවසනවා.
මේ හේතුවෙන් කිසිම සෞඛ්‍ය අංශවලට සම්බන්ධ පාර්ශ්වයක් කොවිඩ් 19 වෛරසය සම්බන්ධ සිදු කරගෙන යන පරීක්ෂණවලින් ඉවත් කර නොමැති අතර, ඒ පිළිබඳව කිසිදු වාර්තාමය තොරතුරක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මේ අතර, කොවිඩ් මර්දනයට ලබාදෙන තුන්වැනි එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනිවාර් යයෙන් සහ කඩිනමින් බූස්ටර් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
ඊට හේතු ලෙස හෙතෙම පෙන්වා දෙන්න, ඉදිරියේ දී වෛරසයේ තවදුරටත් ශීඝ්‍ර ව්‍යාප්තියක් අති වුවහොත්, විවිධ සංකූලතා ඇතිවෙමින් තත්ත්වය පාලනය කිරීමට දැඩි වෙහෙසක් දැරීමට යළිත් සෞඛ්‍ය අංශ වෙත සිදු වන බවයි.
මේ වනවිට තුන්වැනි එන්නත් මාත්‍රාව මිලියනය ඉක්මව ලබාගෙන ඇති අතර, එම එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව සාමාන්‍යයෙන් ඇති වන පශ්චාත් එන්නත්කරණ ක්‍රියාවලියෙන් පසුව ඇති වන උණ, කරකැවිල්ල ආදී සාමාන්‍ය සංකූලතා පමණක් ඇති වන අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බව ද ඔහු සඳහන් කරනවා.
වෛරසය ශරීරගත වූ විට දී එය පුද්ගලයාගෙන් පුද්ගලයාගේ ශරීර තුළ අනුගත ව හැසිරෙන්නෙ කෙසේ ද යන කාරණය පිළිබඳ ව ද අදහස් දක්වන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, එම වෛරසය ශරීරගත වූ පසු වෛරසයේ ක්‍රියාවලිය පුද්ගලානුබද්ධව එකිනෙකාට වෙනස් විය හැකි බවයි.
ඒ හේතුවෙන් නියත වශයෙන්ම බූස්ටර් එන්නතට යොමු වීම වැදගත් ලෙසයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
පසුගිය උගත් පාඩම් අනුව රට පවතින තත්ත්වය අනුව කිසිදු අයුරකින් පූර්ණ වශයෙන් රට වසා දැමීමකට නොයා, ජනතාව සුරක්ෂිත කර ගනිමින් වෛරසය මර්දනයට සියලුම සෞඛ්‍ය අංශ කටයුතු කරන හෙයින් ජනතාව ද නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ඊට අනුගතව අවශ්‍ය එන්නත් නිසි පරිදි ලබා ගනිමින් කටයුතු කරන්නේ නම් වඩාත් සුදුසු යැයි ද සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.
එමෙන්ම, කොරෝනා කාඩ්පත නීතිගත කිරීම පිළිබඳ ව ද මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින අතර, රට වසා නොදමා වෛරසය මර්දනයට හැකියාව් ලැබුණහොත් සෞඛ්‍යමය වශයෙන් එය අප ලබන ඉහළම ජයග්‍රහණය බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |