30ට අඩු තරුණ තරුණියන් මැරෙන්න හේතුව මෙන්න..හේමන්ත හේරත් ගෙන් අමුතු හෙළිදරව්වක්..(VIDEO)

Corona Sri Lanka Heamantha herath
By Aruna Feb 23, 2022 07:50 AM GMT
Report

කොවිඩ් වෛරසය වැළඳීමෙන් පසු මෙරට මියයන පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය වෙත සිය අදහස් පළ කළා.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වන වයස අවුරුදු 30ට අඩු සියලුම දෙනා මියයෑමට ප්‍රධානතම හේතුව කොවිඩ් වැළඳීමම නොවන බවයි.

ඊට හේතු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෛරසය ආසාදනය වී වයස අවුරුදු 30ට අඩු ජීවිතක්ෂයට පත් වූ බොහෝ දෙනෙකුට කුඩා කළ සිට වැළඳුණු සහ ඒ සඳහා ප්‍රතිකාර ද ලබා ගන්නා නිදන්ගත රෝග තත්ත්වයන් පවතින බවට හෙළි වී ඇති බවයි.

විශේෂයෙන්ම එම රෝගීන් හට වකුගඩු රෝග, ස්නායු සම්බන්ධ අපස්මාර තත්ත්වයන් ද පැවතීම මෙම මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙසට විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් වෛරසය වැළඳීමෙන් පසුව නිදන්ගත රෝගී තත්ත්වයන්වල සංකූලතා ඇති වී මෙම පුද්ගලයින් මියයන බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

මෙවන් පසුබිමක් තවදුරටත් ඇතිවීම වළක්වාලීම වෙනුවෙන් ලබා නොගත් පූර්ණ එන්නත්කරණ ක්‍රියාවලියට වහාම යොමු වන ලෙසටත්, එය වගකීම්සහගත පුරවැසියෙකු සතු යුතුකමක් මෙන්ම සමාජ වගකීමක් බවත් හේමන්ත හේරත් මහතා විසින් ප්‍රකාශ කළා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now