මෙරට පිටි මිලට ඇති විය හැකි දැඩි බලපෑමක් ගැන අනාවරණයක්.

Sri Lanka Market
By Wayomi Jan 12, 2024 09:28 AM GMT
Report

ඉදිරියේදි තිරිගු පිටි මිළ සඳහා බලපෑම් එල්ලවිය හැකි බව අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ,ගාසා ගැටුම් හමුවේ රතු මුහුදේ පවතින අර්බුදය හේතුවෙන් මෙම ගැටලුව මතු විය හැකි බවයි.

මෙරටට තිරිගු පිටි වැඩි වශයෙන් ආනයනය කරනුයේ තුර්කියෙන් බවත්, එලෙස තුර්කියෙන් ආනයනය කරනු ලබන තිරිඟු පිටි රතු මුහුද හරහා යාත්‍රා කරන නෞකා මගින් ගෙන එන බවත් එම සංගමය පෙන්වා දෙනවා.

මෙරට පිටි මිලට ඇති විය හැකි දැඩි බලපෑමක් ගැන අනාවරණයක්. | Heavy Impact On Wheat Flour Prices

රතු මුහුද හරහා යාත්‍රා කිරීමට බාධා එල්ලවීම හේතුවෙන් සහ මේ වන විට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම නෞකා අමතර නැව් ගාස්තු අයකරහොත් ඒ හරහා තිරිගු පිටි මිළ ඉහළ යා හැකි බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

ඒ, අනුව තවත් මාස තුනකට ප්‍රමාණවත් තිරිගු පිටි සහ ආනයනික බඩ ඉරිගු තොග මෙරට තුළ ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.   


                                                   Sponsored By Sarrita Jewellery


මෙරට පිටි මිලට ඇති විය හැකි දැඩි බලපෑමක් ගැන අනාවරණයක්. | Heavy Impact On Wheat Flour Prices