පාසලක ගොඩනැගිල්ලක් මතට විශාල ගසක් කඩා වැටී දැඩි හානි..ප්‍රාථමික අංශයට නිවාඩු දෙයි..
Ministry of Education
Sri Lanka
Accident
Weather
Education
By Aruna
නුවරඑළිය ආගරපතන ප්‍රදේශයට ඊයේ (23) පස්වරුවේ ඇදහැලුනු අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහා විද්‍යලයට දැඩි හානි සිදුව තිබෙනවා.
වර්ෂාව සමඟ පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විද්‍යාල භූමියේ තිබූ සයිප්‍රස් ගසක් කඩා වැටීමෙන් එම හානි සිදුවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ගස කඩා වැටීමෙන් පාසල් පුස්තකාලයට හා 1 හා 2 ශ්‍රේණිවල පන්ති කාමරවලට දැඩි අලාභ හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
එම තත්ත්වය හේතුවෙන් පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියට යටත්ව අද දින නිවාඩු ලබාදී ඇත.
හානියට පත්වූ ගොඩනැගිලි යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව යළි ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව විදුහල්පතිවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |