භයානක රෝග කිහිපයක් ගැන ගෝඨාභය ගෙන් අනතුරු ඇඟවීමක්...සියලු දෙනා අවධානයෙන් සිටින්න.

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Apr 25, 2022 04:24 AM GMT
Report

මේ වන විට රට පුරා ඇතිව තිබෙන ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව බොහෝ දෙනකු මානසික ආතතියට පත්වීම හේතුවෙන් හෘදයාබාධයන්ට ගොදුරුවෙමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.

මෙරට වැසියන්ගෙන් සියයට 20ක් දෙනා හෘදයාබාධයන්ට ගොදුරුවෙමින් පවතින බවත්, මෙම ප්‍රතිශතය බස්නාහිර පළාතේ සියයට 30 දක්වා වර්ධනය වී ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කළා.

සුපුරුදු දෛනික කටයුතුවලින් බැහැරව බොහෝ දෙනකුට ගිනි අව්වේ පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමත් ඇතැම් විට අවසානයේ දී කිසිඳු ප්‍රතිපලයක් නොමැතිව හිස් අතින් යාමට සිදුවීමත් වැනි හේතු සාධක සහ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාමට සාපේක්ෂව මුදල් අතේ නොගැවසීම ද මානසික ආතතිය වැඩිකිරීමට හේතුවක් වී තිබෙන බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

එසේම මානසික ආතතිය වැඩිවීම හේතුවෙන් රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම ද ඉහළ යාම ඇතුළු තවත් බෝ නොවන රෝගයන් ඇති වීමටත් තිබෙන රෝග වැඩි වර්ධනයක් වීමටත් හේතු වන බවයි වෛද්‍යවරයා පෙන්වාදුන්නේ. ‌

හදිසියේ ඇතිවන හෘදයාබාධ සඳහා ලබාදෙන ඖෂධයන් මේ වන විට සුළු වශයෙන් කොළඹ ජාතික රෝහල සතුව පවතින නමුත් ඉදිරියේ දී එම ප්‍රමාණය ද අවසන් වූ පසු දැඩි අවදානමකට මුහුණපෑමට රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ට ද සිදුවන බවයි වෛද්‍ය රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now