මෙරට ජනගහනයෙන් 25% කට රතු එළියක්..දැඩි අවධානම් තත්ත්වයක්..වහා සැලකිළිමත් වන්න..

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna May 02, 2023 02:45 AM GMT
Report

මෙරට ජනගහනයෙන් සියයට 25ක් විටමින් D ඌනතාවෙන් පෙළෙන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසනවා.

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භණී මවුවරුන් යොදා ගනිමින් දිවයින පුරා කළ සමීක්ෂණයකින් මේ බව තහවුරු වූ බවත් මෙය තරමක අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඇය කියා සිටියා.

විටමින් D ඌනතාව අවම කර ගැනීමට හැකි අවස්ථාවන්වල හිරුඑළියට නිරාවරණය වීම වැදගත් නමුත් පවතින අධික හිරුඑළියට නිරාවරණය නොවිය යුතු බවයි ඇය ප්‍රකාශ කර සිටින්නේ.

මේ වන විට පවතින අධික හිරුඑළිය ඉතා උෂ්ණ අධික බවත් විටමින් D ඌනනතාවට හෝ විටමින් ලබා ගැනීමට අපේක්ෂාවෙන් බොහෝ කාලයක් හිරුඑළියට නිරාවරණය නොවිය යුතු බවයි වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසා සිටියේ.

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භණී මවුවරුන්ට පවතින විටමින් ඌනතාව පිළිබඳව අවධානය ලබා දීම වැදගත් බවත් මාස කිහිපයකට වරක් හෝ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් විටමින් ඌනතාව පිළිබඳව උපදෙස් ලබාගත යුතු බව ත් ඇය වැඩිදුරටත් අවධාරණය කලා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now