මාසෙකින් ඔයාගේ සමේ පෙනුම වැඩි කරගන්න මේ දේවල් 10 කරන්න.

Healthy Food Recipes Skin Care Mysskin Beauty
By Sithumini Sep 12, 2024 04:57 PM GMT
Report

තරුණ සමක් නිරෝගී සමක් කියලා කියන්නේ ශරීරයට ආබරණයක් වගේ දෙයක්. ඉතින් ඒ නිසාම අපේ ශරීරය ලස්සන කරන්න හමේ පැහැර වර්දනය කරගන්න නම් ඒක නිකන්ම අපිට කරන්න පුලුවන් වෙන්නේ නැහැ.

ඒකට ඉතාම වැදගත් වෙන කරුණු 10 ක් අද අපි ඔබ වෙනුවෙන් රැගෙන ආවා. එම කරුණු පහතින් බලන්න.

  1. හිරු රශ්මියට නිරාවරණය වීම.

සමට හානි කරන ප්‍රධානම සාදකයක් ලෙස හිරු රශ්මිය හදුන්වන්න පුළුවන් ඒ නිසාම මේ හිරු රශ්මියෙන් ආරක්ෂ වෙන එක ඉතාම වැදගත් වෙනවා. එසේනම් කළ යුත්තේ කුමක්ද..? Spf අගය 50 ට වැඩි ආලේපණයක් භාවිත කිරීම ඉතාම වැදගත් වෙනවා

එමගින් UV කිරණ හරහා සමට සිදුවන හානිය අවම කිරීම සිදුවෙනව


2. එලවළු සහ පළතුරු ආහාරයට ගන්න

එළවළු සහ පළතුරු කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය සාදකයක්. භාහිර සාදකවලින් සමට සිදුවන හානිය අවම කරගැනීමට නම් ප්‍රතිඔක්සිකාරක භාවිත කිරීම ඉතාම වැදගත් වනවා. ඒ වෙනුවෙන් ප්‍රතිඔක්සිකාරක වැඩි වශයෙන් අඩංගු ආහාර ලබා ගැනීම වැදගත් වෙනවා.

E33NUN

විවිධ වර්ණ වලින් යුක්ත එලවළු හා පතුරු ඔබේ ආහාර වේලට ඇතුලත් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා ඒ සදහා ගස් ලබු නිවිති බතල ආදියෙහි වැඩි වශයෙන් ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා.

3. සීනි අධික ආහාර භාවිතය අවම කිරීම.

ඔබේ සමට වැඩිම හානියක් සිදු කරන්නේ සීනි සහිත ආහාර බව ඔබ දන්නවාද? සමට ගුණදායක දේ දැනගැනීම මෙන්ම සමට දැඩි ලෙස අහිතකර දේ දැනගැනීමත් ඉතාම වැදගත් වෙනවා.

ඒ අතරින් ඉහළින්ම සමට හානිකර දෙයක් ලෙස. සීනි අධික ආහාර හදුන්වන්න පුලුවන්. ඒ ඔස්සේ අදික ලෙස සම වියපත් කිරීමට හැකියාව තිබෙනව.

එම නිසා ඔබේ සමේ තරුණ බව රැකගෙන සම පැහැපත් කරගන්න නම් සීනි පරිභෝජනය අවම කිරීම වැදගත් වෙනවා.

4. නිතර හම ස්ක්‍රබ් කිරීමෙන් වැළකීම.

නිතර නිතර හම ස්ල්‍රබ් කිරීම රූපලාවණ්‍ය කටයුතු වලදි බහුලව සිදු කළත්. නිතර නිතට එය සිදු කිරීම මගින් සමට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්. එවිට එවැනි සමක් ඉක්මනින් වයසට යෑම පාලනය කිරීමට අපහසුයි. ඔබේ සමේ තරුණ පෙනුම රැකගන්න නම් හම ස්ක්‍රබ් කිරීම අවම කර ගැනීම ඉතාම වැදගත්.

5. සැර සබන් වර්ග භාවිත නොකිරීම

මුහුණ සේදිමට භාවිත කරන ආලේපන හරහා හමේ PH අගය වෙනස් වීම සිදුවෙනවා. 

YRZKV


එය සමට හානියක් ඇති වීමට බලපානවාං එසේනම් එයත් සිදු කිරීම වළක්වා ගැනීමෙන් වෑදගත් වෙනවා.

6. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම.

වියලි සමක් වයසට යෑමට පවත්නා ඉඩ ප්‍රමාණය ඉතාමත්ම ඉහළයි. එම නිසා සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් හොද මොයිස්චර්‍රිසර්‍ර් එකක් භාවිත කිරීම ඉතාම වැදගත් වෙනවා.

7. සුව නින්දක් ලබා ගැනීම.

සමේ නිරෝගි බව එමෙන්ම සම පැහැපත් කිරීමට ඉතාම වැදගත් සාදකයක් ලෙස සුව නින්දක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. 

YY3X78

එලෙස පැය 8ක වත්සුවදායි නින්දක් ලබා ගැනීමෙන් හම නිරෝගි කර ගැනීමට හැකියාව පවතිනවා.


8. මානසික ආතතිය අඩු කිරීම

ඔබ දැඩි මානසික ආතතියෙන් පෙළෙන කෙනෙක් නම් එය මුලින්ම පෙන්නුම් කරන්නේ ඔබේ ශාරිරික වෙනස්කම් හරහා එම නිසා ඉතා හොද මානසික සෞඛ්‍යක් පවත්වා ගැනීමත් ඉතා වැදගත් වෙනවා.

09. නිසි පරිදි ව්‍යායාම කිරීම

වයසක පෙනුමක් ඇතිවීම වළක්වා ගැනීමට නම් නිසි පරිදි ව්‍යායාම කිරීම ඉතාම වැදගත්.

1YJ8BP

ව්‍යායාම කියන්නේ ශරීරයේ බර පාලනයට පමණක් නෙමෙයි සමේ නිරෝගිභාවයටත් ඉතාම හොද සාදකයක්.



10. දුම්පානය හා මත්පැන් පානයෙන් වැළකීම.

දුම්පානය සහ අධික මත්පැන් පානය කියන්නේ ඉතාම අහිතකර දෙයක්. එම නිසා දුම්පානයෙන් සහ මත් පැන් පානය අවමකිරීමෙන් ඔබට නිරෝගි සමක් ලබා ගැනීම සදහා වැදගත් වෙනවා.