ශ්‍රී ලංකාවේ ඉදිරි සති 04 තීරණාත්මකයි..මේදේ සිදුවුනොත් මිනිස් ජීවිතවලට ප්‍රභල ප්‍රශ්නයක්..
Sri Lanka
Healthy
Keheliya rabukwella
By Aruna
ඉදිරි සති 4න් පසු ව රට තුළ සැලකිය යුතු මට්ටමේ ඖෂධ හිඟයක් හට ගත හැකි බව ශ්‍රී ලංකා ඖෂධ සංසදය පවසනවා.
එහි සභාපති ඒ.ජේ බස්නායක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, රට තුළ පවතින ඩොලර් හිඟය හමුවේ ණයවර ලිපි නිකුත් නො කිරීම හේතුවෙන් ඖෂධ ආනයනය කල නොහැකි තත්ත්වයක් මතු ව ඇති බවයි.
මේ වන විට දිවයින පුරා ඖෂධ සැල් සහ වෙළඳසල්වල පැරසිටිමෝල් ඇතුළු ඇතැම් ඖෂධ සිරප් වර්ග නො මැති තත්ත්වයක් පවතින බවට වාර්තා වනවා.
මේ අතර රෝගීන් පාවිච්චි කරන ප්‍රධාන ඹෟෂධ වර්ගයක් සම්බන්ධයෙන්ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
