සෞඛ්‍ය ඇමති ජනතාවගෙන් ඉල්ලීමක්

By Gagana Dec 11, 2021 12:44 AM GMT
Report

කොවිඩ් වසංගතය පාලනය හා එන්නත්කරණය මේ වනවිට සතුටුදායක තත්ත්වයක පවතින බැවින් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට මෙම උත්සව සමයේ උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේ නොමැති වුවහොත් අලුත් අවුරුදු පොකුර වැනි තවත් පොකුරු බිහිවීමට ඉඩ තිබෙන බව ද එවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇති නොවීමට ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ද සිය විශ්වාසය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

උත්සව සමය තුළ සීමා ඉක්මවා ජනතාව ක්‍රියා කරනු ලැබුවහොත්, ඒහි ප්‍රතිඵල භයානක විය හැකි බව ද, ඒ තුළ මෙතෙක් රැකගත් කොවිඩ් පාලන තත්ත්වය අපතේ යනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now