සෞඛ්‍ය වර්ජනය ගැන මේ දැන් ලැබුණු අලුත්ම තීරණය..!(UPDATE)

Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Strike Sri Lanka Latest Headlines
By Sewvandhi Apr 02, 2024 03:03 PM GMT
Report

UPDATE -;

අද (02) සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

ඒ අනුව වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවත් ඔහු පවසයි.

........................................................................................................

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයා හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස සමඟ අද පැවති සාකච්ඡාවේදී ප්‍රමාණවත් විසදුමක් නොලැබුණු බව එම සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ ලිඛිත ලියවිල්ල ලැබීමෙන් පසු වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවයි.

මේ අතර, අද දින ප්‍රධාන රෝහල් දහයක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුණා. 

එම රෝහල් වන්නේ,

ශ්‍රී ලංකා ජාතික රෝහල,

කරාපිටිය ශික්ෂණ රෝහල,

යාපනය ශික්ෂණ රෝහල,

මඩකලපුව ශික්ෂණ රෝහල,

පේරාදෙණිය ශික්ෂණ රෝහල,

ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල,

කෑගල්ල මහ රෝහල,

පොළොන්නරුව මහ රෝහල,

මන්නාරම මූලික රෝහල,

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල,