දෙවෙනි දිනටත් හෙට දිවයින පුරාම සිදුවන දේ - නිවසින් බැහැර වෙනවා නම් මේ ගැනත් අවධානය දෙන්න..!

Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Sri Lanka Anti-Govt Protest Latest Headlines
By Sewvandhi Feb 13, 2024 11:16 AM GMT
Report

හෙට (14) දිනයේත් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයේ නිරත වන බව දැනුම්දෙයි.

අද (13) උදෑසන 06.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක නිරත වුණි.

වෛද්‍යවරුන්ට ලබාදෙන DAT දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

මේ අතර හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසීය.