අද සිදුවන අතිශය තීරණාත්මක සාකච්ඡාව - හෙට කුමක් වෙයිද..?

Ministry of Health Sri Lanka Government Of Sri Lanka Ravi Kumudesh Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Feb 12, 2024 02:50 AM GMT
Report

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළත් නිල කමිටුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද (12) පැවැත්වෙන බවයි.

එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි, එහි සමකැඳවුම්කරු, රවී කුමුදේශ් මහතා පැවසුවේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයින් අවස්ථා දෙකකදී වැඩ වර්ජනයක නිරත වූයේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිනි.

වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, සිය ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (13) උදෑසන සිට යළිත් දැවැන්ත වැඩ වර්ජනයකට යොමුවන බවයි.