සෞඛ්‍ය වර්ජනය ගැන අලුත්ම තත්ත්වය මෙන්න.

Police Sri Lanka Healthy stick Saman ratgnapriya
By Aruna Feb 13, 2022 03:37 AM GMT
Report

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් අධිකරණය ලබා දුන් වාරණ නියෝගයට ගරු කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ පස්වරුවේ එම වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කළා.

මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියටයි.

ඒ අනුව වර්ජනයෙන් ඉවත් වීමෙන් පසු සිය සංගමය නියෝජනය කරන හෙද නිලධාරීන් සේවයට වාර්තා කිරීම ආරම්භ කර ඇති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ.

මේ හේතුවෙන් රට පුරා අහිසංක රෝගීන් දැඩි ලෙස අසරණවී තිබෙන අයුරු පසු ගිය දින කිහිපය පුරාම දකින්නට ලැබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now