වහාම ක්‍රියාත්මක වන පරිදි හෙද නිලධාරීන්ගේ සංගමයට වාරණයක් නිකුත් කෙරේ.

By Sithumi Feb 10, 2022 12:33 PM GMT
Report

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ නීතිපතිවරයා විසින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවය. හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබේ.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ වර්ජනය හේතුවෙන් රෝගීන් මුහුණ පා ඇති ගැටලුකාරී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා වර්ජනයේ නිරත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව වාරණ නියෝග දෙකක් නිකුත් කරන ලෙසය.

නීතිපතිවරයාගේ ඉල්ලීම පිළිගත් කොළඹ දිසා අධිකරණය එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපතිවරයාට වාරණ නියෝග දෙකක් නිකුත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now