උපකාරක පන්තියට ගොස් යළිත් නිවස බලා එන අතරතුර, අවසනාවන්ත ලෙස දිවි අහිමි වූ පාසල් සිසුවා..
නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි නාවලපිටිය උඩහින්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි හසිත දේවින්ද්‍ර නැමති 15 හැවිරිදි පාසල් දරුවෙකු ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ හසිත ඊයේ (15) පස්වරුවේ නාවලපිටිය නගරයේ උපකාර පන්තියකට සහභාගි වී ආපසු නිවස කරා ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටියදී නිවස ආසන්නයේදී බස් රථයෙන් බැසිමට උත්සහ කිරීමේදි ඇද වැටී ඇත.
එහිදී ඔහුගේ හිස ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පස් කන්දක ගැටී බරපතළ තුවාල ලබා ඇති අතර, එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණු බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.
අනතුර සිදුව තිබුණේ රාත්‍රී 7ට පමණය. කෙසේවෙතත් බස් රථය නතර කිරීමට පෙර දරුවා බස් රථයේ ඉදිරිපස පාපුවරුවෙන් බැසීමට උත්සාහ කිරීමේ දී ඇද වැටී ජීවිතක්ෂයට පත්වුයේ දැයි මේ වනවිට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
බස් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |