මම ජීවිතේ අමාරුම තීරණය ගත්තේ මගේ දරුවා වෙනුවෙන්, නැවත විවාහ වෙන්න මගේ කිසිම අදහසක් නැහැ-හසිනි සැමුවෙල් (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 09, 2023 06:06 PM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියලා කියන්නේ. ඒ වගේම ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ෆිල්ටි සමග විවාහ වෙලා සිටි ඇය දැන් විවාහයෙන් වෙන් වෙලා පුංචි පුතා එක්ක තනියම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.  

ඉතින් මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි ඇය කියන්නේ. කොහොම වුණත් සතුටින් ජීවිතේ ගෙවනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය විවාහයත් එක්ක නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන එක නතර කළේ නෑ කියලයි හසිනි කියන්නේ. නමුත් පුතා ලැබුණට පස්සෙත් ටික කාලයක් ඇයට වැඩවලින් ඈත්වෙන්න සිද්ධ වුණාලු. ඉතින් පුතා වෙනුවෙන් ඇය ඒ කැපකිරීම කළත් ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වුණේ නෑ කියලත් හසිනි කියනවා.

  වගේම ඇය විවාහයෙන් අයින් වෙනකොට පුතාට අවුරුද්දක්වත් නෑ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය විශ්වාස කරන විදියට ජීවිතේ කියන්නේ අභියෝගයක් කියලත් ඇය කියනවා. ඒ වගේම ජීවිතේ එක තැනකදී ජීවිතේ ගන්න අමාරුම තීරණය ගන්න වුණේ ඇයගේ දරුවාට හොඳ අනාගතයක් දෙන්න ඕනෑ නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් තනිවීම ගැන දුකක් නැත්තේම නැති වුනත් ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගෙන ඉන්නවා කියලත් හසිනි කියනවා.

ඒ වගේම දරුවෝ, සැමියා එක්ක සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්න ඕනෑම ගැහැනියක් කැමති වගේම ඇයත් ඒ හීනේම දැකපු කෙනෙක් කියලයි හසිනි කියන්නේ. ඉතින් දැන් පුතා එක්ක ගෙවන ජීවිතේ සතුටින් ගෙවනවා කියලත් ඇය කියනවා.

වගේම නැවත ආදරයක්, විවාහයක් ගැන හිතන්නෙවත් නැහැ කියලයි ඇය කියන්නේ. මොකද විවාහය, ආදරය කියන ඒ බැඳීමට ඇය ගොඩක් බයයිලු. ඉතින් එක පාරක් වැටුණු වලේ ආයේ පාරක් ඇයට වැටෙන්න බෑ කියලත් ඇය කියනවා. ඒ වගේම දැන් ඇයගේ එකම බලාපොරොත්තුව පුතාව යහපත් පුරවැසියෙක් කරන එක කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ඇයගේ ජීවිතේ වටින එකම දේ ඇයගේ පුතා කියලත් හසිනි කියනවා. ඒ වගේම නිරූපණ කටයුතුවලට අමතරව ඇයගේම කියලා ව්‍යාපාර කටයුතු කීපයක් කරගෙන යන නිසා පුතත් එක්ක ජීවත් වෙන්න ආර්ථිකමය ගැටලුවක් ඇයට නැහැ කියලයි හසිනි කියන්නේ. ඒත් එක්කම ජීවිතේ ඇයට ලැබුණු හොඳම තෑග්ග ඇයගේ පුතා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.