IMF ගිවිසුම ගැන හර්ෂ සිදු කල භයානක හෙළිදරව්ව..මොනවද මේ බදු ? - උගුලක්ද..?

Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka Harsha de Silva Economy of Sri Lanka
By Sewvandhi Sep 04, 2022 03:18 PM GMT
Report

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් කාර්යය මණ්ඩල ගිවිසුම එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික එකඟතා ගිවිසුමකට අත්සන් කරලා තියෙනවා. තවම අපි එකඟතාවය ගැන දන්නේ නැහැ. ප්‍රාථමික ගිණුම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ මංගල සමරවීරගේ +1.5ක පමණ ප්‍රමාණය -6 කට ආසන්න ප්‍රමාණයකට වැටුණා. එතකොට දැන් අපිට ආරංචි වෙනවා +2.3ට මේ ප්‍රාථමික අතිරික්තයක් ලබාගන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව එකඟවෙලා කියලා. ඒක අහපුවාම මම පුටුවෙන් වැටුණා. කොහොමද මෙච්චර විශාල පරිවර්තනයක් කරන්නේ කියලා. ඒකට අලුත් බදු ගේන්න වෙයි.

මොනවද මේ බදු ? ආදායම් බදු කොහොමද වැඩිවෙන්නේ ? ඊට පස්සේ ආයතනවල ලාභාංශ මත බදු කොහොමද වැඩියෙන්නේ. එහෙම නැතිනම් වක්‍ර බදු වැඩිවෙන්නේ. මේ ගැන කිසිකෙනෙක් දන්නේ නැහැ. IMF සමග අත්සන් කළ මාණ්ඩලික ගිවිසුම කුමක්ද ? කරුණාකර එය පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. මෙතන මට පෙන්නේ කොළේ වහලා ගහලා තියෙනවා ලස්සනට කිසිකෙනෙක් දන්නේ නැහැ. පාර්ලිමේන්තුවටයි මුදල් පිළිබඳ බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නැහැ. අඟහරුවාදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළොත්, මුදල් කාරක සභාවේ සභාපති ලෙස මම තීරණ ගන්නවා. මට වගකීමක් තියෙනවා මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුවට ඕන ඕන දේ කරන්න බැහැ."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now