ප්ලාස්ටික් ගැන භයානක හෙළිදරව්වක් එළියට - මිනිස් සිරුරට සිදුවන දේ මෙන්න..
අද (5) ලෝක පරිසර දිනය යෙදී තිබෙන අතර ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාවය.
1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී එළඹී එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා "ලෝක පරිසර දිනය" ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අදාළ තීරණය ගෙන මේ වනවිට වසර 51ක් ගතවී ඇත. අධික ජනගහණය, පරිසර දූෂණය, වන විනාශය, ගෝලීය උණුසුම ඉහළයෑම වැනි පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මේ වනවිට මුහුණ දෙමින් සිටී.
මෙවර ලෝක පරිසර දින ජාතික සැමරුම, පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද සංවිධාන කර තිබුණි.
මේ අතර මෙරට මුල්‍ය ආයතන 37ක් එක්වී පිහිටුවා ඇති Finance Houses Association of Sri Lanka සංවිධානය විසින් සංවිධාන කළ රුක් රෝපණ වැඩසටහනක් අද පෙරවරුවේ කොළඹ නිදහස් චත්‍රරස්‍රය පරිශ්‍රයේදී පැවැත්වුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ආචාර්ය සජිත් එදිරිසිංහ මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ,
"ගර්භණී මියෝ අරගෙන ලෝකයේ පර්යේෂණ සිදුකර තිබෙනවා. ප්‍රතිඵලය ඉතාමත් භයානකයි.. ප්ලාස්ටික් අන්තර්ගත වෙච්ච වාතය ඒ ගර්භණී මීයන්ට හුස්ම ගන්න සලස්වලා තිබෙනවා. පසුව ඒ කලලය විච්චේදනය කරලා පරීක්ෂණ සිදුකරලා තිබෙනවා. මෙම පරීක්ෂණයේදී කලලයට ප්ලාස්ටික් ඇතුළුවෙනවා නම් එය සිදුවිය හැක්කේ මවගේ වැදෑමහ හරහා විතරයි. ඒ අනුව අම්මා හුස්ම ගත්ත ප්ලාස්ටික් වාතය වැදෑමහ හරහා ගිහින් ඒ කලලයේ හැම පටකයකම.. මොළය, පෙනහලු, වකුගඩු, අක්මාව යන හැම එකකම මේ ප්ලාස්ටික් තිබෙනවා. අපේ මේ සාකච්ඡාව යන මොහොතේදීත් මේ දේම මනුෂ්‍යාගේ ශරීරය තුළ සිදුවෙනවා. ඒ තරමට මේ ප්‍රශ්නය බැරෑරුම්."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |