ඇමති හරීන් ප්‍රනාන්දුගේ සුබ බලාපොරොත්තුව..
සංචාරකයින් ලක්ෂ 10ක් මෙම වසර තුළ දී දිවයිනට ගෙන්වා ගැනීමට බලාපොරෙත්තු වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඉන් වැඩි දෙනෙකු ඉන්දියාවෙන් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බව ඉන්දියාවේ අහමදාබාද්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
දිනකට සංචාරකයින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මෙටට පැමිණෙමින් සිටින බවත් එය 7,000ස දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන අතර එහිදී ඉන්දියානු සංචාරකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වන අතර යාපනය ගුවන්තොටුපළ හරහා ඉන්දියානු වන්දනාකරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවස්ථාව සැලසීමට බලාපොරොත්තු වන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |