පෙම්වතෙකු ලෙස පෙනී සිටිමින් දැරියකගේ නිරුවත් ජායාරූප ගෙන කරපු දෙයක් නිසා තරුණියට සිදුවූ දේ. ..

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sithumi Feb 29, 2024 09:37 AM GMT
Report

මේ මාතර ප්‍රදේශයෙන් අපිට ඇහෙන අමුතු කතාවක්. අමුතු කතාවක් වුණත් මේක හැමෝමට ආදර්ශවත් පණිවිඩයක් ගෙන එන කතාවක්.

මාතර ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් රවටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණියක් පිළිබදව තොරතුරු වාර්තා වෙලා තියනවා. ඇය පෙනී සිට තිබුණේ තරුණයෙක් ලෙසින්.

දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය වසරකට වැඩි කාලයක කරගෙන ගියත් හදිසියේම මේ ප්‍රේම සම්බන්ධය දෙදරා යනවා. ඒකට හේතුව වුණේ ඇයව හමුවෙන්න එන්න කියලා මේ පෙම්වතා ලෙස පෙනී සිටි තරුණිය පවසලා එයට බාල වයස්කාර දැරිය අකමැති වීමත් සමග ඇගෙන් ලබාගෙන තිබූ නිරුවත් ජායාරූප සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.

පසුව දැරිය එය ඉවත් කර ගැනීමට ආයාචනා කළත් එය ඉවත් කර නොගැනීම නිසා දැරිය සිය මව්පියන්ට මේ පිළිබදව දැනුම් දෙනවා. පසුව මව්පියන් මේ පිළිබදව පොලීසියට පැමිණිලි කර පසු යුහුසුළුව කටයුතු කළ පොලීසිය මේ පෙම්වතා සොයා සිදු කළ විමර්ශන වලදි අනාවරණ වී තිබුණේ මෙලෙස පෙම්වතියක් ලෙස පෙනී සිට තිබුණේ තරුණියක් බවයි.

   ඇයට පෙම්වතෙකුද සිටින බව තමයි අනාවරණ වෙලා තිබුනේ පසුව අදාල දැරිය සහ ඇගේ මව්පියන් මේ සිද්දියෙන් පුදුමයට පත්වෙලා තිබුණේ ඔවුන්ද මෙය සිහිනෙකින්වත් නොසිතූ නිසා. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලැඹෙන 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.