රූමත් බිරිදව මිතුරෙකු සමග රති රැගුම් පාන්න යවන්න හදපු සැමියා ට අවසානයේ සිදුකළ දේ..

Sri Lanka Police Facebook Sri Lanka Social Media Wedding Southern Province
By Sithumi Jan 05, 2024 04:40 PM GMT
Report

 සැමියා සිය භාර්යාව පරීක්ෂා කිරීමට උපයෝගී කරගත් මිතුරාට පොලීසි යාමට සිදුවීමක් නැවත වරක් වාර්තා වී තිබෙන්නේ දකුණු පළාතෙන්.

ඔහු භාර්යාවට පණ මෙන් ආදරය කළ අතර බොහෝ සැමියන්ට මෙන්ම ඔහුටද භාර්‍යාව සැක කිරිමේ රෝගය හට ගත්තා. භාර්යාව රුමත් වන අතර ඇය කෙතරම් පතිවත රකිනවාද යන්න පරික්ෂා කිරීමට ඔහුට සිතුණු නිසයි මෙය සිදු කර තිබුණේ.

ඒ නිසාම ඔහු තමා වැඩකරන ස්ථානයේ මිතුරකුට භාර්යාවගේ දුරකතන අංකය දුන් අතර ඒ සමගම ඔහු මිතුරාට පැවසුවේ තමන්ට සිය බිරිඳ පරික්ෂා කිරීමට අවශ්‍ය බවයි. ඔහුගේ අනුදැනුම ඇතිව නිවාඩු පාඩුවේ සිටින අවස්ථාවලදී මිතුරා ඇයට දුරකතන ඇමතුම් ලබා දුන්නේ ඔහුට ඇසෙන පරිදි දුරකතනයේ ශබ්දය වෑඩි කරය.

දින කිහිපයක්ම මේ සිදුවීම සිදුවෙමින් තිබුනා.සිය භාර්යාව මිතුරා සමග හාදවීමට අකමැති බව දැනගත් විට ඔහු බොහෝසේ සතුටට පත් වුණත් දින කිහිපයක්ම මිතුරා ඇයට දුරකතනයෙන් කතා කළා.

තමාට ඇමතුම් ලබා නොදෙන ලෙස පැවසුවත් මිතුරා ඔහුගේ අනුදැනුම පරිදි තවදුරටත් ඇමතුම් ලබාදෙමින් කතා කළ අතර මේ පිළිබඳව ඇය සිය සැමියා දැනුම්වත් කළත් ඔහු ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසාම ඇය තමාට දුරකතන ඇමතුම් දී අමුතු යෝජනා කරන පුද්ගලයා පිළිබඳව පොලීසි ගියේ ඔහුගේ දුරකතන අංකයද ලබා දී තියනවා.

වැඩේ දුර දිග ගියා මිතුරාට පොලීසිය ඇමතුමක්ද දිනයක් නියම කර පොලීසියට පැමිණෙන ලෙස දන්වා සිටියා.ඔහුගේත් මිතුරාගේත් ඉහමොළ රත්වන්නට වූ නිසාම තමාගේ වැඩෙන් මිතුරා අමාරුවේ වැටීම වළක්වාලීමට ඔහු භාර්‍යාවට සත්‍යම පැවසුවා. මදැයි වුණු දේ ඒ සමගම මේ සම්බන්ධයෙන් දමා ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසද කීවා.

තමා දැමූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නට කිසිසේත්ම අකමැති වූ ඇය සැමියාටත් ඔහුගේ මිතුරාටත් හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය අවස්ථාවක් කර ගත්තා. මේ අනුව ඇයත්, ඔහුත්, මිතුරාත් පොලීසියට පැමිණිවා.ඔහු සියලු සත්‍ය තොරතුරු පොලීසියට පැවසුවේ නොකියාම බැරි තැනට වැඩ සිද්ධ වූ නිසයි.

සැමියාගේ කැමැත්තෙන් වුවත් කාන්තාවකට අයුතු බලපෑම් කිරිම සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකි වරදක් බව පොලීසිය පැවසීමත් සමගම තමා නිසා ලොකු අමාරුවක වැටී ඇති මිතුරා බේරා ගැනීමට ඔහු පොලීසිය ඉදිරියේ වැඳ වැටෙන්නටත් වුණා. පොලීසියේ දැඩි අවවාද හමුවේ මිතුරා බේරුණත් භාර්යාව ඔහුගේ මුහුණවත් නොබලා පොලීසියෙන් පිටව ගියා.

Sponsored By Sarrita Jewellery