මෙරටට ලොකු ළූණු මිලෙහි වෙනසක්.

Onion Vegetables Price
By Wayomi May 06, 2024 11:33 AM GMT
Report

ඉන්දියාව මෙරටට ලොකු ළූනු අඩු මිලකට ලබාදීමට එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව ලොකු ළූනු අපනයන තහනම ඉවත් කිරීමත් සමඟ පිටකොටුව තොග වෙළෙඳ පොළේ ලොකු ළූනු කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඊයේ (05) දිනයේදී අඩුවී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව මෙරටට මීට පෙර ලොකු ළූනු සපයන ලද මිලට වඩා අඩු මිලකට මෙවර අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, ඉදිරි දිනවලදී වෙළෙඳපොළේ ලොකු ළූනු මිල විශාල ලෙස පහත වැටෙනු ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරනවා.

කෙසේ නමුත්, ලංකා සතොස ලොකු ළූනු කිලෝවක් ඊයේ (05 ) දිනයේ අලෙවි වී ඇත්තේ රුපියල් 620 කටයි. 

..................................................................

May you Like