දැන් රෝහලකට යන්නත් බයයි.. හම්බන්තොට රෝහලෙන් ඇහෙන භයානක පුවත..

Hambantota Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka National Health Service
By Aruna Aug 15, 2023 06:17 AM GMT
Report

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් නැතිව ඊයේ සැත්කම් 30ක් සිදුකළ බව හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසනවා.

එම 30ට අමතරව සිසේරියන් සැත්කම් 11ක් ද සිදුකළ බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

එමෙන්ම නිර්වින්දක විශේෂඥයෙකු ඉක්මනින් රෝහලට ලබාදෙන්නැයි ඉල්ලීම් කර ඇතිබවත් එහි සඳහන් වනවා. 

නිර්වින්දක විශේෂඥයාගේ අඩුව හැකි ලෙස කළමනාකරණය කරගනිමින්,රෝගී ජීවිත බේරාගන්නට සෙසු වෛද්‍යවරු අපරිමිත වෙහෙසකින් ක්‍රියාකර ඇති බව මේ ඔස්සේ අනාවරණය වනවා.

රටක අවශ්‍යතාවයන් අතරින් අධ්‍යපනය සහ සෞක්‍ය ප්‍රධාන තැනක් ගන්නවා.

මෙලෙස වෛද්‍යවරුන් රට හැර යාම තුළ සිදු වන්නේ ඉතාම භයානක තත්වයක්.