ඔබත් පරිස්සමෙන් ලස්සන වෙන්න සැලූන් ගිහින් අන්තිමට සිදුවූ දේ මෙන්න..

Colombo Green Party Hair Growth Actress Beauty
By Sithumini Sep 04, 2024 12:57 PM GMT
Report


රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කියන්නේ මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තිබෙන දෙයක්. නමුත් ඔබ හරි හැටි දේවල් දැනගෙන නොකළොත් ඔබ ඉතාම ඉක්මනින් ඔබේ ජීවිතේ පවා නැති වෙන්න මේ දේවල් බලපානවා කියලත් ඔබ දැනගන්න ඕනි. අද අපි ඔබට කියන්න යන්නෙත් ඒවගේ දෙයක්.

හිස කෙස් සකස් කිරීමට ගල්වන දෙයක් හේතුවෙන් කාන්තාවකගේ කෙස් කළබ ගැලවී යාමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

එම කාන්තාව සාදයකට යෑම සදහා මෙම මිනුවන්ගොඩ නගරයේ තිබෙන රූපලාවන්‍යාගාරයට ගොස් ඇති අතර එහිදි මෙම ආලේපණය ගැල්වූ පසුව ඇයගේ කෙස් කළබ ගැලවී ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන ඇය පොලීසියට පැමිණිලි කර තිබුණා. 

බලන්නකෝ වෙලා තියෙන දේ එහිදි සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අද සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් පොලිසියට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව රූපලාවන්‍යාගාරයේ භාවිතා කරන ආලේපන වර්ග පරීක්ෂා කර ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අධිකාරියට ද නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.