වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jul 31, 2022 09:14 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

රත්ගම - ගම්මැද්දෙගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (31) දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි රත්ගම පොලිසිය පැවසුවේ.

වෙඩ් තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙක්. වෙඩි තැබීමෙන් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විමර්ශන සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now