රොබින්සන් කෘෘසෝ ගේ අත්දැකීම විඳින්න සිදු වූ - දූපතක සිරවී සිටි තිදෙනෙක් බේරාගනී. - (VIDEO)

United States of America
By Wayomi Apr 12, 2024 10:46 AM GMT
Report

රොබින්සන් කෘෘසෝ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ලෝක පූජිත නව කතාවක් වන අතර දූපතක සිරවී වසර ගණනක් හුදකලාව සිටි මිනිසෙකු වටා එම කතාව ගෙතී තිබුනා.

යළි එම කතාව සිහි ගන්වමින් දූපතේ සිරවී සතියක කාලයක් ගත කළ මිතුරන් තිදෙනෙකුගේ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් පසුගිය දා වාර්තා වුණා.

සාගරය මැදදී සිය යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසු ඔවුන් මෙම දූපතට පැමිණ ඇති අතර පිරිස සොයා අමෙරිකානු වෙරළාරක්ෂක හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබුනේ ඔවුන් අතුරුදන් වීමේ පුවත සැලවීමත් සමඟයි.

පිරිස එම දූපතේ සිටින බවට සොයාගෙන ඇත්තේ, තල් පත් යොදාගෙන ඔවුන් වෙරළේ නිර්මාණ කර තිබූ HELP එනම් උදව් ලෙස සටහන් වදන හේතුවෙනි.

ගෙවුණු සතියක කාලය පුරා ඔවුන් ආහාරයට ගෙන තිබුණේ පොල් මඳ යි.

ධීවරයින් විසින් කණිනු ලැබූ බවට සැලකෙන දූපතේ තිබූ කුඩා ලිඳකින් ඔවුන් පිරිසිදු ජලය සපයාගෙන ඇති අතර ඔවුන් මේ වන විට ආරක්ෂිතව සිටින බවයි වාර්තා වන්නේ.