ජනතාවට රජයෙන් සුබම සුබ ආරංචියක් මෙන්න..

Mannar Ranil Wickremesinghe President of Sri lanka Latest Headlines Decision Making
By krishani Jun 16, 2024 06:02 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ජනතාවට රජයෙන් සුබම සුබ ආරංචියක් මෙන්න.. | Grant Of Freehold Land Titles

ඒ ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට උරුමය වැඩසටහන මඟින් හැකිවූ බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (16) පැවති උත්සවයට එක්වෙමින් ය.

කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසා පහළ ගිය දේපල වටිනාකම උරුමය වැඩසටහන නිසා යළි ඉහළ ගොස් ඇති බවත් එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

උපාධිධාරීන්ට සුබම සුබ ආරංචියක් - එකවරම කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

උපාධිධාරීන්ට සුබම සුබ ආරංචියක් - එකවරම කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..


මෙම වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5000ක් ලබාදීමට නියමිත අතර  ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම අද සිදු කෙරිණ.

කෙසේ වෙතත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානය ද මෙහිදී සිදු කර තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%