රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න - යන්න ඕන දිනය ගැනත් දැනුම්දීමක් කරලා..

Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani May 06, 2024 04:37 PM GMT
Report

අද (06), ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න - යන්න ඕන දිනය ගැනත් දැනුම්දීමක් කරලා.. | Grama Officer New Recruitment

ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ය.

ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1,942 දෙදෙනෙකුගේ නාම ලේඛනය එලෙස ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය. 

එළඹෙන 08 වෙනිදා කරන්න යන මේ දේ ගැන දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.

එළඹෙන 08 වෙනිදා කරන්න යන මේ දේ ගැන දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.


එම නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

ඒ අනුව ග්‍රාම නිලධාරී නව පත්වීම් නාම ලේඛනයේ සිටින සියලු දෙනාට මැයි මස 08 වන බදාදා උදෑසන 10.30ට අරලියගහ මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ සහභාගිත්වයෙන් පත්වීම් ප්‍රධානය කිරීමට නියමිත ය.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 දින ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදී.

එහි ප්‍රතිඵල අනුව පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුර සඳහා ප්‍රාදේශ ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් මෙලෙස ත්‍රෛමාසික පුහුණුව සඳහා තෝරාගනු ලබනු ලැබීය.

වැටුප් වැඩි වෙයි ද?. ලැබුණ ආරංචියක් මෙන්න..

වැටුප් වැඩි වෙයි ද?. ලැබුණ ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, මෙම ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන්ගෙන් යම් අයෙකුට මේ වන තෙක් අදාළ කැඳවීම් ලිපිය ලැබී නොමැති නම් මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පිළිබඳව වැඩිදුර තොරතුරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ලබා ගත හැකි ය.