ඉස්කෝලවල ශ්‍රේණි සහ විෂයන් ගණන වෙනස් වෙයි?.

Ministry of Education Education Latest Headlines Decision Making
By krishani Jul 27, 2024 10:08 AM GMT
Report

2025 වසරේ පළමු වාරය සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනවක්  ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ඉස්කෝලවල ශ්‍රේණි සහ විෂයන් ගණන වෙනස් වෙයි?. | Grades And Subjects In Schools

එයට අදාලව පාසලේ ශ්‍රේණි ගණන 13 සිට 12 දක්වා අඩු වේ.

මේ අනූව සෑම දරුවකුටම අවුරුදු 17ක් වනවිට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට හැකියාව ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

මේ අතර, තොරතුරු තාක්ෂණය, තාක්ෂණික හා සාරධර්ම විෂයන් හැදෑරීම අනිවාර්ය කිරීමට නව ප්‍රතිසංස්කරණය හරහා යෝජනා කොට තිබෙන බව වාර්තා වේ.

යෝජිත නව ප්‍රතිසංස්කරණය අනූව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී පාසල් ඇගයීම්වලට ලකුණු ප්‍රමාණයක් සහ විභාගවලට යම් ප්‍රතිශතයක ලකුණු ප්‍රමාණයක් වශයෙන් ලබාදී විභාගය සරල කොට තරගකාරීත්වය අඩුකිරීමට යෝජනා කොට ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, අ.පො.ස සා/පෙළ විභාගයේ විෂයන් 9 සිට 7 දක්වා දක්වා අඩු කිරීමට නියමිත බව ද වාර්තා වේ.