රාජ්‍ය සේවකයන්ට අලුත්ම අවස්ථාවක්..!

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Feb 08, 2023 12:07 PM GMT
Report

 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින්, දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට අයදුම්පත් කැඳවා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරනවා..

ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවයේ නිරතව සිටින වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම් කළ හැකි බවද අධ්‍යාපනය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

දැනට උසස්පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර ඉන් පසුව ඉතිරිවන අනෙකුත් පුරප්පාඩු සඳහා සෙසු උපාධිධාරීන් බඳවාගැනීමට කටයුතු කරනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now