රාජකාරියක් නැති රාජ්‍ය සේවකයන් ගැන පරිපාලන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Aug 25, 2022 05:16 AM GMT
Report

නිශ්චිත කාර්ය පැවරුමකින් තොර රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීම තවදුරටත් ගැටලු සහගත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පි.කේ. මයාදුන්න මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ, නිසි ක්‍රමවේදයෙන් බැහැරව රාජ්‍ය සේවය සඳහා සේවකයින් බඳවා ගැනීම තුළින් රාජ්‍ය සේවයේ අතිරික්තයක් පවතින බවය.

ප්‍රශ්නය - බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරනවා, අතිරික්ක සේවකයින් වන්දියක් ලබාදී ඉවත් කිරීමට සුදානම් කියලා. එතනදි ප්‍රශ්නයක් එනවා..රාජ්‍ය සේවය කොහොමද අතිරික්ත සේවකයෝ ඉන්නේ කියලා.

"විදිමත්ව බඳවා ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කරපු අවස්ථා තියෙනවා. නිශ්චිත තනතුරකට ඇබෑර්තු නෑ හැබැයි රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා නම් බඳවා ගන්නවා. ඒ විදියට සමහර වෙලාවට සංස්ථා, මණ්ඩල කියන ඒවායේ දී මේ කාර්ය මණ්ඩල සංඛ්‍යාව නොසලකා යම් යම් අධිකාරී විසින් බඳවා ගෙන තියෙනවා වරින් වර. කම්කරු, කාර්ය කාරක සහායක වගේ තනතුරු ඇරුණහම අනෙක් ඔක්කෝම එන්න ඕනේ තරග විභාගවලින්. මුළු රාජ්‍ය සේවයෙන් තුනෙන් එකක් ඉන්නේ ඒ කැටගරි එකේ.

අපි තුනෙන් එකක් නඩත්තු කරන්නේ මේ කියන රියදුරු, කම්කරු, සහායක කියන ප්‍රමාණය. මේවා තවදුරටත් මෙහෙම නඩත්තු කරන්න බෑ. අපි අවුරුද්දකට රාජ්‍ය වැටුප් සම්බන්ධයෙන් ත්‍රිලියනයක් භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා. ස්ථීර වශයෙන්ම අපි හැමෝම දන්නවා මේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම නිකන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා පේනවා. ඒකට හේතුව තමා නිශ්චිත තනතුරක් නැතුව බඳවා ගත්තු ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ ඉන්නවා. සමස්තයක් විදියට ගත්තහම මේකෙන් තුනෙන් එකක් අඩුවෙන් වුණත් මහජන සේවය පවත්වන්න මේ රාජ්‍ය සේවයට බැරිකමක් නෑ."


   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
    JOIN NOW