රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අති විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කෙරේ..!

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Aug 24, 2022 12:29 PM GMT
Report

රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතු අදාළ චක්‍රලේඛය පසුගිය 22 වනදා නිකුත් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වන බවය. මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය කර ඇත.

එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය කෙරේ. මේ අතර අදාළ සේවකයා තාවකාලිකව සේවයෙන් ඉවත් වීමේදී එම තනතුරේ වැඩ ආවරණය හෝ වැඩ බැලීම සඳහා අභ්‍යන්තරික පදනම මත සේවකයෙකු යෙදවීමේ ක්‍රමවේදයක් ඇත්නම් පමණක් අදාළ නිවාඩු ලබා දීම සලකා බැලෙනු ඇත. කිසිවිටෙකත් ඒ සඳහා නව බඳවා ගැනීමක් සිදුකිරීමට අවස්ථාවක් නොමැත.

ඊට අදාළ සෙසු කොන්දේසි ද ඇතුළත් සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery