විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන රාජ්‍ය සේවය ගැන ගත් තීරණය..

Dinesh Gunawardena Government Employee Sri Lanka
By Sewvandhi Dec 26, 2022 08:50 AM GMT
Report

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ රාජ්‍ය සේවය විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අදාළ තීරණ ගැනීම සඳහායි.

මෙම කමිටුව පත් කර ඇත්තේ,වයස අවුරුදු 60 න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණයට අදාළව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් මෙම වසර අවසානයේදී විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් රාජ්‍ය සේවකයින් තුලනය කිරීමේ අරමුණෙනුයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු සාමාජිකයින් පත්කර තිබෙනවා.

වයස අවුරුදු 60 සම්පූර්ණ කරන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාමේදී රාජ්‍ය සේවයේ සිදුවන සේවක පුරප්පාඩු පිළිබඳව ද අදාළ කමිටුවේ අවධානය යොමු කෙරෙන අතර ඒ සඳහා සේවකයින් බඳවා ගන්නේ නම් ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමද එම කමිටුව විසින් සිදුකරනු ඇත.

කමිටුව විසින් ලබාදෙනු ලබන නිර්දේශ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නිය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now