කීරි සම්බා ආනයනයෙන් රජය ඉවත් වෙයි. - කරන්න යන අලුත්ම වෙනස මෙන්න.

Government Of Sri Lanka
By Wayomi Jan 03, 2024 11:11 AM GMT
Report

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඔහු කියාසිටියේ, රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැය වන බැවින් මෙම තීරණය ගත් බවයි.

කීරි සම්බා ආනයනයෙන් රජය ඉවත් වෙයි. - කරන්න යන අලුත්ම වෙනස මෙන්න. | Government Withdraws From The Importation Of Rice

සහල් මිල ඉහළ යාමත් සමඟ කීරි සම්බා ආනයනයට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ යටතේ සම්බා මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

නමුත් එම ක්‍රියාවලිය මෙතෙක් අවසන්ව නැත.

පෞද්ගලික අංශයට සම්බා ආනයනට අවසර දීමත් සමඟ කඩිනමින් එම තොග දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

                                                                         Sponsored By Sarrita Jewellery