ජාතික ජන බලවේග පාලනයක් යටතේ රාජ්‍ය සේවයට කරන ගැන දැනුම්දීමක්..

Vijitha Herath Government Employee Government Of Sri Lanka Janatha Vimukthi Peramuna
By Aruna Mar 08, 2024 04:34 AM GMT
Report

ජාතික ජන බලවේග රාජ්‍ය පාලනයක් යටතේ රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කරණයකට ලක් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කර සිටිනවා.

ඒ හරහා රජයේ සේවකයන්ට නිශ්චිත වගකීමක් පවරන බවද පවසන ඔහු රාජ්‍ය සේවකයා හරහා ජනතාවට සේවය ලබා දීම සඳහා වූ ක්‍රමවේදය නිවැරදි කිරීමට ලක් කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

නවීන තාක්ෂණය හරහා ඩිජිටල් කරණයකට ලක් කර රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක් වෙමින් විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළා.