රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න හදිසියේම තීරණයක් ගනී..එම තීරණ මෙන්න.

Government Employee Sri Lanka
By Aruna Jan 12, 2023 05:15 AM GMT
Report

අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව එක් එක් අමාත්‍යාංශවලින් කපා හැරිය යුතු 5% ක් වූ ප්‍රතිපාදන ප්‍රමාණයන් මේ වනවිට සලකා බලමින් සිටින බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ ක්‍රියාත්මක වන්නේ, රාජ්‍ය ණයවලින් බැවින් මෙම 5% ක් අඩු කිරීම මගින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබාගත යුතු ණය ප්‍රමාණය අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now