රට පුරා රාජ්‍ය සේවකයන් අද සිට කරන්න යන දේ..

Government Employee Sri Lanka
By Aruna Aug 25, 2022 12:28 AM GMT
Report

රාජ්‍ය සේවකයන් අද (25 දා) සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම සිදු කෙරේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම් සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර එම චක්‍රලේඛයේ වලංගුතාවය ඊයේ (24 දා) අවසන් වූ බවත් ඒ අනුව රාජ්‍ය නිලධාරීන් අද (25 දා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මයාදුන්න මහතා පැවසීය.

රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කිරීමක් අවශ්‍ය නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now