අද සිට සියලු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි...

Government Employee Sri Lanka
By Aruna Aug 24, 2022 01:28 AM GMT
Report

අද (අගෝස්තු 24) සිට රාජ්‍ය අංශය යළි සාමාන්‍ය රාජකාරී ආරම්භ කරනවා.

ඊට අදාළ චක්‍රෙල්ඛය ඊයේ භාණඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සියලුම රාජය ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණඩල වෙත යොමුකළා.

රට තුළ පැවති ඉන්ධන හිඟය හමුවේ රාජ්‍ය නිලධාරීන් කාර්යාල වෙත පැමිණීම ඉකුත් ජුනි විසිවනදා සිට සීමා කෙරුණා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබුණේ අවම පිරිස් කැඳවමින් රාජ්‍ය සේවයේ බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙසයි.

කෙසේ වෙතත් රට තුළ පැවති ඉන්ධන හිඟය මේවනවිට සැලකිය යුතු ලෙස අවමවීම හේතුවෙන් අද සිට සතියේ දින 05ම රාජ්‍ය සේවකයන් සේවය කැඳවීමටයි තීරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now