රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් අද සිට ගත් තීරණය මෙන්න..

Ministry of Education Government Employee Sri Lanka
By Aruna Jun 20, 2022 03:53 AM GMT
Report

පවතින ඉන්ධන හිගය හමුවේ අද සිට රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැදවීම සීමා කෙරෙනවා.

ඒ අනුව සති දෙකක කාලයක් අවම පිරිස කැදවමින් රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙසයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ.

අවම සේවකයින් කැඳවීමේදී ද සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වනවා.

සේවයට නොකැඳවූ දිනයකදී සෑම රජයේ නිලධාරියෙකුම මාර්ග ගත ක්‍රමය ඔස්සේ රාජකාරියේ යෙදීමට සූදානම්ව සිටිය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන්ට මෙය අදාළ නොවන බවත් සාමාන්‍ය පරිදි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යායුතු බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ.

මේ අතර ඉන්ධන ගැටළුව හේතුවෙන් මෙම සතියේ ඇතැම් පාසල් පැවැත්වෙන්නේ නැහැ.

ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයේ හා ආසන්න නගර ආශ්‍රිතව මෙන්ම සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් නිවාඩු මෙම සතියේ නොපැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

කෙසේවෙතත් ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කිරීමට පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

වසා තැබෙන පාසල්වල සිසුන් සදහා මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්ද කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ.

ඒ අනුව අද සිට උදෑසන 7ත් දහවල් 12 දක්වාත් අතර කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ.

දහවල් 12 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30 ක දෛනික විදුලි කප්පාදුවක් සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now