රාජ්‍ය සේවකයින්ට අනිද්දා සිට කරන්න සිදු වන දේ මෙන්න..

Government Employee Sri Lanka
By Aruna Aug 23, 2022 03:54 AM GMT
Report

ජුනි 17 නිකුත් කළ චක්‍රලේඛය හෙට දක්වා පමණයි රජයේ ආයතන සඳහා සේවකයන් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ජුනි 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය හෙට (24 වැනිදා) දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අනිද්දා (25 වැනිදා) සිට සියලුම කාර්ය මණ්ඩල කැඳවා රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න පැවසීය.

මේ වනවිට ඉන්ධන බෙදීම යථාවත් කෙරෙමින් පවතින අතර, ඉදිරි දිනවලදී පොදු ප්‍රවාහන සේවාවන් ද යථා තත්ත්වයට පත් විය හැකි බැවින් මෙලෙස රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පසුගියදා චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now